EDEX 2017 අධ්‍යාපනික ප‍්‍රදර්ශනයේදී කොමර්ෂල් බැංකුව අධ්‍යාපනික ණය ප‍්‍රවර්ධනය කරයි

Tuesday, 07 February 2017 00:00 Written by  Published in මූල්‍ය Read 62 times

කොමර්ෂල් බැංකුව විසින් දේශීය සහ විදේශීය උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලබාදෙන අධ්‍යාපනික ණය වෙනුවෙන් විශාල උනන්දුවක් තිබෙනු පසුගියදා කොළඹදී පැවති EDEX 2017 අධ්‍යාපනික ප‍්‍රදර්ශනයේදී දැකගත හැකිවිය. මෙම ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකුවේ කුටියට අධ්‍යාපනික ණය පිළිබඳව තොරතුරු දැනගැනීමට බොහෝ පිරිසක් පැමිණි අතර පාඨමාලා ගාස්තු ගෙවීමට හෝ විභාග ගාස්තු ගෙවීමට ණය මුදලක් අයදුම් කිරීමේ පහසුකම් මෙම කුටිය තුළදීම බැංකුව විසින් පැමිණි පිරිසට ලබාදෙන ලදී. ජනවාරි 27 වනදා සහ 28 වනදා ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හිදී පැවැත්වෙන EDEX 2017 අධ්‍යාපනික ප‍්‍රදර්ශනය සඳහාද කොමර්ෂල් බැංකුව සහභාගී වේ. සේයාරුවෙන් දැක්වෙන්නේ පසුගියදා කොළඹදී පැවති EDEX 2017 අධ්‍යාපනික ප‍්‍රදර්ශනයේ තිබූ කොමර්ෂල් බැංකු කුටියයි.