ජීවිත රක්ෂණයේ වැදගත්කම කියාදෙන සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ සතිය 10 වන වරටත් Featured

Tuesday, 07 February 2017 00:00 Written by  Published in මූල්‍ය Read 131 times

පෙබරවාරි 11 වනදා ඇරඹෙන ජීවිත රක්ෂණ සතියේදී ජනතාව දැනුවත් කිරීමට 4500 කට ආසන්න රක්ෂණ වෘත්තිකයින් පිරිසක්

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා දිවයින පුරා වාර්ෂිකව පවත්වන ජීවිත රක්ෂණ සතිය මෙවර පෙබරවාරි 11 වන සෙනසුරාදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම ජීවිත රක්ෂණ සතියේදී 4500 කට ආසන්න රක්ෂණ වෘත්තිකයින් පිරිසක් දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛා 260 ක් නියෝජනය කරමින් නිවාස, කාර්යාල, පාසැල් සහ අනිකුත් පොදු ස්ථාන වලට ගොස් ජීවිත රක්ෂණයේ තිබෙන වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට සූදානම් වේ.

මෙය සෙලින්කෝ ලයිෆ් 10 වන ජීවිත රක්ෂණ සතිය වන අතර මෙවර තේමාව වන්නේ ‘ජීවිත රක්ෂණයක් ලබාගැනීම කල්දැමිමෙන් සිදුවන මූල්‍යමය පාඩුව.’ යන්නයි. මෙහිදී, සමාගම විසින් සරල මෙන්ම ඵලදායී රූපසටහන් භාවිතා කරමින් පමාවකින් තොරව ජීිවිත රක්ෂණයක් මිලදීගැනීම මගින් රක්ෂණ වාරික ගෙවීමේදී යන මිල ගණන් අඩුකර ගන්නේ කෙසේදැයි පැහැදිලි කරනු ඇත.

මේ ආකාරයෙන් ජීවිත රක්ෂණයේ තිබෙන වැදගත්කම තමන්ගේ ඉලක්කගත පාරිභෝගිකයින් වෙත කියාදීම සඳහා සමාගම විසින් දිවයිනේ ප‍්‍රාදේශීය නගර 40 කදී වැඩසටහන් සිදුකරනු ඇත. මීට අමතරව, අනුරාධපුරය, ජාඇල, කුරුණෑගල, ගාල්ල, රත්නපුරය, අම්බලන්ගොඩ, යාපනය සහ මඩකළපුව යන නගර තුළ ජීවත්වන පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම චිත‍්‍රපට ප‍්‍රදර්ශනයක්ද සමාගම විසින් සැලසුම් කර තිබෙන අතර සෙලින්කෝ ලයිෆ් ශාඛා රැුසක චිත‍්‍ර තරගාවලියක්ද සංවිධානය කර තිබේ.

‘මේ වනවිට ලංකාවේ ජීවිත රක්ෂණ ව්‍යාප්තිය 13%ක් තරම් අඩුයි. අපගේ බලාපොරොත්තුව වන්නේ ජීවිත රක්ෂණයක් මගින් ලැබිය හැකි රැුකවරණය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ජීවිත රක්ෂණ අංශය ප‍්‍රවර්ධනය කිරීමයිල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා සඳහන් කළේය. ‘මෙරට පොදු ජනතාව වෙත ළඟාවීම සඳහා මෙම ජීවිත රක්ෂණ සතිය වැඩසටහන ඉතාමත් වැදගත්. මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළදී සාමාන්‍ය කාල වලදීට වඩා ජීවිත රක්ෂණ ඔප්පු අපි විසින් අලෙවි කරනවා.’

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සමාගමේ දැක්ම වන ‘ජීවිත රක්ෂණය සහ විශ‍්‍රාම සැලසුම් යන පණිවුඩය සෑම ශ‍්‍රී ලාංකිකයෙක් වෙත රැුගෙන ගොස් මෙරට සෑම පවුලකටම රැුකවරණය ලබාදීම’ යන්න සඳහා මෙම ජීවිත රක්ෂණ සතිය වැඩසටහන විසින් ඉතාමත් හොඳ සහායක් ලබාදෙන බවයි.

2004 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

Last modified on Tuesday, 07 February 2017 20:21