කොමර්ෂල් බැංකුව ඉලෙක්ට්‍රොනික ස්ථාවර තැන්පතු (e-FDs) හඳුන්වා දෙයි Featured

Monday, 05 June 2017 00:00 Written by  Published in මූල්‍ය Read 38 times

දේශීය සහ විදේශීය මුදල් වලින් ඉලෙක්ට්‍රොනික ස්ථාවර තැන්පතු (e-FDs) හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු සේවාව තවදුරටත් පුළුල් කිරීමට බැංකුව කටයුතු කර තිබේ.

www.combank.lk වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ ඉලෙක්ට්‍රොනික ස්ථාවර තැන්පතු (e-FDs) දැන් විවෘත කළ හැකි බව බැංකූව නිවේදනය කරයි.

වසරේ දින 365 තුළදී දිනයේ පැය 24 පුරාම මෙම ඉලෙක්ට්‍රොනික ස්ථාවර තැන්පතු පහසුකම ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට සහ අනේවාසික විදේශීය මුදල් ගිණුම් (NRFC) හිමියන්ටල නේවාසික පුරවැසියන් නොවන විදේශීය මුදල් ගිණුම් (RNNFC) හිමියන්ට නේවාසික විදේශීය මුදල් ගිණුම් (RFC) හිමියන්ට මෙන්ම දේශීය බැංකු අංශයේ 'FC Plus' ගිණුම් හිමියන්ට ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි.

විදේශීය මුදල් ඉලෙක්ට්‍රොනික ස්ථාවර තැන්පතු ඇමරිකානු ඩොලර්, බි‍්‍රතාන්‍යය පවුම්, යූරෝ හෝ ඕස්ටේ‍්‍රලියානු ඩොලර් යන ප‍්‍රධාන මුදල් වර්ග වලින් විවෘත කළ හැකිය.

'විදෙස්ගතව සේවයකරන විදේශීය මුදල් ගිණුම් හිමියන්ට වගේම ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වන විදෙස් ජාතිකයින්ට කොමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතුවක් විවෘත කිරීමට විශාල උනන්දුවක් තිබෙන බව අපි දන්නවාල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. 'මොවුන් ජීවත්වන භූමිය නොසලකා අන්තර්ජාලය ඔස්සේ මෙහි කටයුතු කිරීම මෙම කණ්ඩායම ආකර්ශනය කර ගැනීමට කැපී පෙනෙන ලෙස වැදගත් වෙනවා.'

ඩිජිටල් බැංකුකරණය මගින් ආයෝජන කටයුතු කිරීම උනන්දු කිරීම සඳහා කොමර්ෂල් බැංකුව අන්තර්ජාලය ඔස්සේ විවෘත කරන ස්ථාවර තැන්පතු සඳහා වැඩි පොලී මුදලක් ලබාදෙනු ඇත. මේ අනුව, ලබාදෙන පොලී අනුපාතයන් බැංකුවේ අන්තර්ජාල බැංකු පද්ධතියේ දක්වා තිබේ.

මෙහිදී, සිදුකරන සියළුම විදේශීය මුදල් තැන්පතුවක් සඳහාම බැංකුව විසින් ඉලෙක්ට්‍රොනික ලදුපතක් ගනුදෙනුකරුවාට නිකුත් කරන අතර ආයෝජනය කල් පිරෙන විට හෝ කල් පිරීමට පෙර ලබාගැනීමේ හැකියාව මෙහිදී ගනුදෙනු කරුවාට ඇත. මෙම ස්ථාවර තැන්පතු වලින් ලැබෙන පොලිය මූලික ආයෝජනය ආරම්භ වූ ගිණුමකට බැර කරනු ලබයි. විදේශීය ගිණුමක් මඟින් ශ‍්‍රී ලංකා රුපියල් ස්ථාවර තැන්පතු විවෘත කර තිබෙන විටක පොලිය එම නමින්ම ශ‍්‍රී ලංකා රුපියල් ගිණුමක තැන්පතු කරනු ඇත.

ඒෂියාමනි සඟරාව විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ 'හොඳම ඩිජිටල් බැංකුව' ලෙස නම් කරන ලදී. කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය විසින් පුළුල් සේවා මාලාවක් ලබාදෙන අතර ප‍්‍රධාන ජාත්‍යන්තර මුදල් ඒකක අටකින් පවත්වාගෙන යන ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව, ප‍්‍රධාන මුදල් ඒකක හයක් ආවරණය වන පරිදි පැය විසිහතර පුරාම හරස් මුදල් ගෙවීම් (cross currency payments) , ජංගම, ඉතිරිකිරීමේ, ආයෝජන, ණය, සහ ණයපත් ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීම, දිනයේ පැය විසිහතර පුරා තම ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම, කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමි තෙවන පාර්ශවයකට මේ ආකාරයෙන් අරමුදල් හුවමාරු කිරීමේ පහසුකම මෙම සේවාවන් අතර කැපී පෙනේ. මීට අමතරව, ලංකා ක්ලියර් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම විසින් ගොඩනගා තිබෙන 'ලංකා පේ' නැමති පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු ස්විචය (CEFTS) ඔස්සේ කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පහසුකම භාවිතා කරමින් බැංකුවේ ගිණුම් තුළින් අනිකුත් බැංකුවල ගිණුම් වෙත ක්ෂණයකින් ඒ මොහොතේම අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාවද සතියේ සෑම දිනකම පැය විසිහතර පුරාම ලබාදී ඇත. එසේම, තම බැංකු ගිණුම්වල මුදල් භාවිතා කිරීමට අවශ්‍ය නොවන ගනුදෙනුකරුවන් වෙනුවෙන් බැංකුවේ ණයපත් මගින් ගෙවීම් සහ අරමුදල් හුවමාරු කිරීමේ පහසුකම්ද ලබාදී තිබේ. මීට අමතරව කොමර්ෂල් බැංකුවේ www.combank.lk වෙබ් අඩවිය ඔස්සේ බැංකුවේ අන්තර් ජාල බැංකු ගනුදෙනු කරුවන්ට ස්ථාවර තැන්පතු, පුද්ගලික ණය සහ නිවාස ණය යන පහසුකම් ලබාගැනීම සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ලියාපදිංචි වෙමින් කොටස් මිලදී ගැනීම සහ ගුවන් ටිකට් පත් සඳහා අන්තර්ජාලයෙන් ගෙවීම් කිරීම වැනි අවස්ථාද හිමිකර දී ඇත.

කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේදී ලබාදන අන්තර්ජාල බැංකු පහසුකම් මගින් අංශ 09 අයත් ආයතන 37 කට අධික සංඛ්‍යාවක බිල්පත් අන්තර්ජාලය හරහා ගෙවීමේ අවස්ථාව ගනුදෙනු කරුවන්ට ලබාදී ඇත. දුරකතන, විදුලි, ජල, ණයපත්, රක්ෂණ, ගාස්තු ගෙවන රූපවාහිනී, අධ්‍යාපනය, ක‍්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු මෙන්ම අනිකුත් ගාස්තු යන ඒවා මෙයට ඇතුළත්ය.

ස්ථර දෙකකින් යුක්ත ලොගින් එකක් භාවිතා කිරීම මෙහිදී කැපී පෙනෙන කාරණාවකි. මෙහිදී, අන්තර් ජාල බැංකු සේවා භාවිතා කරන්නාට තමා ප‍්‍රිය කරන සේයාරුවක් මෙම අන්තර් ජාල බැංකු සේවා පද්ධතියට ඇතුළු කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර භාවිතා කරන්නා බැංකු සේවාවන් සඳහා ප‍්‍රවේශ වනවිට මෙම ආරක්ෂිත සේයාරුව දැක ගැනීමට හැකිවීම නිසා බැංකු සේවා ලබාගැනීමට අවශ්‍ය වන රහස් වචනය ඇතුළු කිරීමට පෙර අදාළ වෙබ් අඩවිය නිවැරදිවම දැන ගැනීමට මින් අවස්ථාව හිමිවේ. මීට අමතරව, මෙම සේවාව භාවිතා කරන්නාගේ රහස් වචනය සොරකම් කිරීම මඟ හැරවීම සඳහා ටයිප් කිරීම වෙනුවෙන් තිරයේ දිස්වන කී බෝර්ඞ් එකක් භාවිතා කිරීමේ පහසුකමද ලබාදී තිබේ.

මෙම පහසුකම භාවිතා කරන්නන්ට තැන්පත් කළ සහ ඉදිරිපත් කළ චෙක්පත්වල පිළිඹිබු (images) නැරඹීමේ අවස්ථාවද ඇත. සිය ගනුදෙනු කරුවන් විසින් තැන්පත් කළ සහ ඔවුන්ගේ නිශ්කාෂණය වන චෙක්පත්වල පිළිඹිබු අන්තර් ජාල බැංකු සේවාවක් තුළින් ඔවුන්ට බලාගැනීමට මෙරට බැංකුවක් විසින් ඉඩ සලසන පළමු අවස්ථාව වන්නේ මෙයයි. ස්ථීර ගෙවීම් ප‍්‍රතිලාභීන් ලියාපදිංචි කිරීමටත් ඔවුන්ට වසරේ දින 365 පුරාම ගෙවීම් කිරීමට මේ වනවිට මෙම සේවාවෙන් අවස්ථාව තිබෙන අතර අදාළ ලේඛන සමග ණයවර ලිපි සඳහා වන අයදුම් පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලබාදී තිබේ. මීට අමතරව, බැංකුව සම්බන්ධ කරගන්නේ නොමැතිව සිය අභ්‍යන්තර භාවිතා කිරීමේ අධිකාරීන් පහසුවෙන් කළමනාකරණය කිරීම සඳහා සමාගම් වලට ආයතනික පරිපාලන පහසුකමක් සඳහා අවස්ථාවද කොමර්ෂල් බැංකුව විසින් ලබාදී ඇත. මූල්‍ය ගනුදෙනු සඳහා හඳුන්වාදී තිබෙන බහුවිධ අවසර ලබාදීමේ මොඩුයුලය නිසා මෙම නවතම අන්තර් ජාල බැංකුකරණ පහසුකම භාවිතා කරන ආයතනික ගනුදෙනු කරුවන්ට අතිවිශාල පහසුවක් ලැබී තිබේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 668 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබෙන අතර ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

Last modified on Tuesday, 27 June 2017 14:01