කොමර්ෂල් බැංකුව විසින් COMBANK Auto Bill Pay හඳුන්වා දෙයි Featured

Monday, 05 June 2017 00:00 Written by  Published in මූල්‍ය Read 178 times

කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ පහසුකම තුළින් ප‍්‍රමාදයකින් තොරව කලට වේලාවට තම බිලපත් ගෙවීමේ අවස්ථාව බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් හිමියන්ට ලැබී තිබේ.

මෙම සේවාව මුල් අදියරේදී ඩයලොග් සමාගම විසින් ලබාදෙන සේවාවන් කිහිපයක බිල්පත් ගෙවීම සඳහා හඳුන්වා දී ඇත. 'Combank Auto Bill Pay' සඳහා ලියාපදිංචි වන සියළුම කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ් හිමියන්ගේ ඩයලොග් ජංගම දුරකතන, ඩයලොග් ස්ථාවර දුරකතන, ඩයලොග් රූපවාහිනී හෝ ඩයලොග් Broadbrand සේවාවන්හි පසු ගෙවුම් සම්බන්ධතාවල බිල්පත් ස්වයංක‍්‍රීයව කලට වේලාවට ගෙවීම මෙම සේවාව හරහා සිදුවන බව බැංකුව සඳහන් කරයි.

ඉතාමත් ආරක්ෂිතල සම්පූර්ණයෙන් ඒකාබද්ධ කර තිබෙන මෙම ස්වයංක‍්‍රීය පහසුකම භාවිතා කරන්නෙකුට තමන්ගේ බිල්පත් වටිනාකම් නිරන්තරයෙන් සොයා බලමින් ඒවා ගෙවිය යුතු දිනයන් සටහන් කර තබාගනිමින් කරදර වීමට අවශ්‍ය නොවේ. මෙම සේවාව සක‍්‍රීය කරගන්නා කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් හිමියන්ගේ ඩයලොග් බිල්පත් කලට වේලාවට ස්වයංක‍්‍රීයව ගෙවීම සිදුවන නිසා එය ඔවුන්ට විශාල පහසුවක් වනු ඇත.

මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමට අයදුම්පතක් පුරවා එය තමන්ගේ කොමර්ෂල් බැංකු ශාඛාවට තමන්ගේ අළුත්ම බිල්පත්වල පිටපත් කිහිපයක් සමග භාරදීම කළ යුතුය.

තමන්ගේ බිල්පතක් ගෙවුණ විට මෙම පහසුකම භාවිතා කරන්නන්ට ඒ බව කෙටි පණිවුඩයකින් සහ ඊ-මේල් පණිවුඩයක් මගින් බැංකුව දැනුම් දෙනු ඇත.

NFC (Near Field Communications) තාක්ෂණයෙන් සවිබල ගැන්වූ පොයින්ට් ඔෆ් සේල් යන්ත‍්‍ර දිවයින පුරා පිහිටි ප‍්‍රධාන ඩයලොග් ශාඛාවල කොමර්ෂල් බැංකුව විසින් සවිකර තිබෙන අතර මෙම ඒකාබද්ධවීමත් සමග අදාළ ඩයලොග් ශාඛා වෙත ගෙවීම් කිරීමට යන පාරිභෝගිකයින්ට කොමර්ෂල් බැංකුවේ වීසා හෝ මාස්ටර් ක්‍රෙඩිට් කාඞ් භාවිතා කරමින් කාර්ය මණ්ඩලය නොමැති 'Tap n Go' තාක්ෂණය තුලින් සිය ගෙවීම් කිරීමේ හැකියාව ලැබී තිබේ. මෙහිදී, රුපියල් 5000 කට අඩු බිල්පත් ගෙවීමේදී අත්සන් අවශ්‍ය නොවේ.

මීට අමතරව, සියළුම ඩයලොග් මධ්‍යස්ථාන වලදී ඉතාමත් වේගවත්ව අන්තර්ජාල ගෙවීම් සිදුකිරීම සඳහා මෑතකදී කොමර්ෂල් බැංකුව විසින් ඩයලොග් සමාගමට අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) පහසුකමක් ලබා දෙන ලදී.

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කාඞ්පත් ලෙස කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් සැලකෙන අතර ක්‍රෙඩිට් කාඞ් හා ඩෙබිට් කාඞ්පත් සමස්තයක් ලෙස ගත්විට භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩියෙන් භාවිතා වන කාඞ්පත් වේ. බැංකුව විසින් Visa සහ Mastercard සන්නාමය යටතේ Silver, Gold සහ Platinum මට්ටමින් ක්‍රෙඩිට් කාඞ්පත් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite කාඞ්පත් නිකුත් කරයි. මෙම කාඞ්පත් 'Tap & Go' NFC තාක්ෂණයෙන් යුක්ත වන අතර ඉතාමත් ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයක සහාය මේ සඳහා හිමිවේ. ක්‍රෙඩිට් හා ඩෙබිට් භාවිතා කරන දෙපිරිසටම ලෝයල්ටි ප‍්‍රතිලාභ ලකුණු ලබාදෙන එකම ලෝයල්ටි වැඩසටහන වන්නේ කොමර්ෂල් බැංකුවේ 'මැක්ස් ලෝයල්ටි' ප‍්‍රතිලාභ වැඩසටහනයි.

Last modified on Tuesday, 27 June 2017 14:07