කොමර්ෂල් බැංකුව සහ යුනයිටඞ් මෝටර්ස් වෙතින් ආකර්ශණීීය නව ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහනක් Featured

Monday, 12 June 2017 00:00 Written by  Published in මූල්‍ය Read 45 times
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා (වමේ සිට සිව්වැන්නා) හා යුනයිටඞ් මෝටර්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී සහ විධායක අධ්‍යක්ෂ චානක යටවර මහතා සමාගම් දෙකේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඉදිරියේ ගිවිසුම හුවමාරු කරගනී. කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා (වමේ සිට සිව්වැන්නා) හා යුනයිටඞ් මෝටර්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී සහ විධායක අධ්‍යක්ෂ චානක යටවර මහතා සමාගම් දෙකේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඉදිරියේ ගිවිසුම හුවමාරු කරගනී.

කොමර්ෂල් බැංකුවේ ලීසිං පහසුකම් මත යුනයිටඞ් මෝටර්ස් සමාගමෙන් ට‍්‍රක් රථ සහ බස් රථ මිලදී ගන්නා ව්‍යාපාරික ආයතන වලට හෝ පුද්ගලයින්ට ආකර්ශණීය ප‍්‍රතිලාභ රැුසක් ලබාදීමට කටයුතු කරන බව බැංකුව පවසයි.

මෙය මෙම සමාගම් දෙක විසින් එක්ව සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහනක් වන අතර මෙහිදී කොමර්ෂල් බැංකුව විසින් මෙම ලීසිං පහසුකම ලබාදෙන්නේ අඩු පොලී අනුපාතයකටයි. මීට අමතරව, යුනයිටඞ් මෝටර්ස් සමාගම විසින් ලංකාවේ අලෙවි කරන Fuso ට‍්‍රක් රථ සහ බස් රථ සඳහා රුපියල් 100,000 ක් දක්වා වට්ටමක් සහ සේවා වාර තුනක් නොමිලේ ලබාගැනීමේ අවස්ථාවද මෙහිදී මෙම වාහන මිලදී ගන්නන් වෙත ලබාදී තිබේ.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2017 ජූලි 31 වනදා දක්වා පැවැත්වෙන අතර දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා වලින් මෙම ලීසිං පහසුකම ලබාගත හැකිය. මෙහිදී, මිලදී ගන්නා වාහන සඳහා කිලෝ මීටර් 100,000 ක හෝ වසරක වගකීම යුනයිටඞ් මෝටර්ස් වෙතින් හිමිවේ.

මෙහිදී, අවුරුදු පහක ලීසිං පහසුකම් යටතේ සෑම රුපියල් 100,000 ක් සඳහාම ගෙවිය යුතු වන්නේ රුපියල් 2337.16 ක තරම් අඩු වාරික මුදලකි. බැංකුව සඳහන් කරන්නේ අවුරුදු තුනේ සහ හතරේ කල්බදු පහසුකම් සඳහාද ප‍්‍රකාශිත ලීසිං වාරික අඩුකිරීමට බැංකුව කටයුතු කරන බවයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ඉල්ලූම් කරන ලීසිං පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද බැංකුව තව දුරටත් පවසයි.

'මේ ආකාරයේ ප‍්‍රවර්ධන වැඩසටහනක් තුළින් තම වාහන ඇණිය පුළුල් කිරීමට හෝ පරණ වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන සුළු හා මධ්‍යම පරිමාණ මෙන්ම මහා පරිමාණ ව්‍යාපාර වලට සහනයක් ලැබෙනවා. එසේම, මේ තුළින් වෙළඳපොළත් දිරිමත් වෙනවාල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. 'කොමර්ෂල් බැංකුව මීට ඉහතදීද ඉතාමත් සාර්ථකව මෙවැනි ලීසිං පහසුකම් ප‍්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් යුනයිටඞ් මෝටර්ස් සමග අත්වැල් බැඳගෙන තිබෙනවා. මෙම නවතම ඒකාබද්ධතාවය තුළින් අපි ඉහළ ප‍්‍රතිඵල බලාපොරොත්තු වෙනවා.'

මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට යුනයිටඞ් මෝටර්ස් අලෙවි කරන සැහැල්ලූ, මධ්‍යම සහ බර ට‍්‍රක්රථ, කෘ කැබ්ස්, ටිපර් රථ සහ රෝසා බස් රථ අයත් වන අතර කොමර්ෂල් බැංකුව විසින් දැනට සිටින සහ අළුත් ගනුදෙනු කරුවන් යන සියළුම දෙනා වෙත අඩුමිල ලීසිං වාරික ලබාදීමට කටයුතු කරනු ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 668 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබෙන අතර ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

ශ‍්‍රී ලංකාවේ පැරණිතම මෝටර් රථ සමාගමක් වන යුනයිටඞ් මෝටර්ස් සමූහය (UML) බිස්නස් ටුඬේ සඟරාව විසින් මෙරට ප‍්‍රමුඛතම සමාගම් 25 අතරට ඇතුළත් කර තිබේ. එසේම, LMD සඟරාව විසින් මෙරට වඩාත්ම ගෞරවණීය සමාගම් 100 අතරටද යුනයිටඞ් මෝටර්ස් සමූහය (UML) ඇතුළත් කර ඇත. ලෝකයේ සුප‍්‍රසිද්ධ වාහන සන්නාම වන Mitsubishi, Fuso, MG, Perodua, Zotye, JMC, Brilliance, DFSK සහ TVS යතුරු පැදි මෙරට අලෙවියේ බලයලත් සමාගම ලෙස කටයුතු කරන්නේ යුනයිටඞ් මෝටර්ස් සමූහයයි .