කොමර්ෂල් බැංකුව වෙතින් මේ ජුනි මාසයේදී හරිත බලශක්ති ණය සහන පොලී අනුපාතයකට Featured

Sunday, 18 June 2017 00:00 Written by  Published in මූල්‍ය Read 43 times

ජුනි 05 වනදාට යෙදුනු ලෝක පරිසර දිනය සැමරීමට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් ජුනි මාසයේදී ලබාදෙන හරිත බලශක්ති ණය සඳහා සහන පොලී අනුපාතයක් අයකරන බව නිවේදනය කර තිබේ.

ජාතික පද්ධතියෙන් ලබාගන්නා විදුලිය අඩුකරමින් සූර්ය බලශක්තිය සඳහා මාරුවීම වෙනුවෙන් 2017 ජුනි 30 වනදාට පෙර ණය මුදල් ලබාගන්නා නිවාස හිමියන්ට 14% කින්් ඇරඹෙන විශේෂ පොලී අනුපාතයක් යටතේ අදාළ ණය මුදල ලබාදීමට සූදානම් බවය බැංකුව සඳහන් කරයි.

මෙම ණය යෝජනා ක‍්‍රමය සඳහා අවුරුදු 60 ක් දක්වා වයසැති අයදුම්කරුවන්ට අයදුම්කළ හැකි අතර අවම වශයෙන් සිය රැුකියාවේ අවුරුද්දක කාලයක් ස්ථීරව ඔවුන් සේවය කර තිබිය යුතුය. මීට අමතරව, මේ සඳහා අයදුම් කිරීමට රුපියල් 50,000 ක හෝ එයට වැඩි මාසික වැටුපක් ලැබිය යුතු බවත් බැංකුව පවසයි.

එසේම, වෘත්තීය සංගමයක ලියාපදිංචි වී සිටින ස්වයං රැුකියාවල යෙදී සිටින වෘත්තිකයින්ටද මෙම හරිත ණය යෝජනා ක‍්‍රමය සඳහා අයදුම් කළ හැකි අතර ඒ සඳහා ඔවුන්ට රුපියල් 50,000 ක හෝ එයට වැඩි මාසික වැයකළ හැකි ආදායමක් තිබිය යුතු අතර වයස අවුරුදු 18 ත් 65 අතර විය යුතුය.

මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ සූර්ය බලශක්තිය ලබාගැනීම වෙනුවෙන් වැයවන ආයෝජනයෙන් 75% ක මුදලක් බැංකුව විසින් ලබාදෙයි.

කොමර්ෂල් බැංකුවේ හරිත සංවර්ධන ණය මගින් තම ව්‍යාපාරවල බලශක්ති ඉතිරිකර ගැනීම, බලශක්ති කාර්යක්ෂමතාවය හෝ ප‍්‍රධාන පද්ධතියෙන් බාහිර සූර්ය විදුලිය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යවසායකයින්ට මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ සහන පොලී අනුපාතයන්ට රුපියල් මිලියන 25 ක් දක්වා අවුරුදු හතකින් ගෙවා නිමකිරීම සඳහා ණය ලබාගත හැකිය.

තමන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය දියුණු කර ගැනීම හෝ අපජලය පිරිපහදු කිරීමේ යන්ත‍්‍රාගාරයක් ස්ථාපිත කිරීම, වායු ¥ෂණය පාලනය කිරීමේ පද්ධතියක් ගොඩනැගීම, ඝණ අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණ/පිරිපහදු කිරීමේ යන්ත‍්‍රාගාර පිහිටුවීම හෝ ශබ්ද ¥ෂණ පාලන පද්ධති ගොඩනැගීම තුළින් ජාතික පරිසර ප‍්‍රමිතීන් හා අනුකූලවීමට අවශ්‍ය ආයතන වෙනුවෙන්ද කොමර්ෂල් බැංකුවේ 'හරිත සංවර්ධන ණය' යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබාගත හැකිය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර ශ‍්‍රී ලංකාව පුරා ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 668 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මාන රැුසක් බැංකුව දිනා තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ තමන්ට 55% කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

Last modified on Tuesday, 27 June 2017 15:14