පසුගිය ස්වභාවික ව්‍යසනයෙන් පීඩාවට පත් ජන ජිවිත නගා සිටුවිම සදහා DFCC බැංකුව ''වර්ධන සහනය'' යළි අරඹයි Featured

Sunday, 18 June 2017 00:00 Written by  Published in මූල්‍ය Read 35 times

2017 ජූනිි 12 : කොළඹදී පසුගිය දා ඇති වු ස්වාභාවික ව්‍යසනයෙන් පීඩාවට පත් ජන ජිවිත නගා සිටුවිම වෙනුවෙන්, DFCC්‍ බැංකුව ''වර්ධන සහනය'' ණය යෝජනා ක‍්‍රමය යළි අරඹා ඇත. 2016 වසරේ ගංවතුරෙන් හා ගින්නෙන් පීඩාවට පත් ජනතාවට සහායවිමේ අරමුණින් හදුන්වා දුන් ''සහනය'' ණය යෝජනා ක‍්‍රමය නැවත වතාවක් ක‍්‍රියාත්මක කිරිමට DFCC‍ බැංකුව කටයුතු කර ඇත්තේ රටේ වත්මන් අර්බුදයට මුහුණ දුන් පවුල්වලට ඉන් මිදීමට අවශ්‍ය සහාය සැලසිමේ සද් අරමුණ පෙරදැරිවය. පුද්ගල,නිවාස,අධ්‍යාපන,ව්‍යාපාරික ණය මේ යටතේ පිරිනමනු ලබයි. කෙටිකාලීන සහනයක් ලබාදීමෙන් ඔබ්බට යමින්, ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයන්ට හා ව්‍යවසායන් හට අඩු වියදම් පුද්ගලික හා ව්‍යපාරික ණය පිරිනමමින් දිගුකාලීන යළි නගා සිටුවිමේ ක‍්‍රියාන්විතයකට අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි බැංකුව මෙහිදි තම අවධානය යොමු කර තිබේ.

ගංවතුරෙන් පීඩාවට පත් තනි පුද්ගල වැටුප් ලබන්නන්හට විනාශයට පත් තම දේපළ යළි ගොඩනගා ගැනීමට මේ යටතේ පුද්ගල ණය පිරිනමන අතර, අහිමි වු පාසල් පොත්පත් සහ අධ්‍යාපනික උපකරණ මිලදි ගැනිම සදහා ද ඔවුනට ණය ලබාගත හැකිය. එසේම විනාශයට පත් වත්කම් හා ක‍්‍රියාකාරි ප‍්‍රාග්ධනය යළි අත්පත් කරගැනුම වෙනුවෙන්, පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන්ද DFCC‍ බැංකුව ණය පිරිනමනු ලබයි.මේ සියඵ ණය පිරිනමනුයේ ඉතා සහනදායි පොළී අනුපාත හා පහසු ගෙවිමේ ක‍්‍රම යටතේ විම විශේෂත්වයකි.

මිට අමතරව, රජය ක‍්‍රියාත්මක කරනු ලබන ස්වශක්ති,ජය ඉසුර,රන් අස්වැන්න,ගොවි නවෝදා,රිවි බල සවි සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක‍්‍රමද සහනදායි පොළි අනුපාත යටතේ DFCC‍ බැංකුව ජනතාව වෙනුවෙන් පිරිනමති.ගංවතුර නිසාවෙන් පීඩාවට පත්ව,මුල්‍ය සහාය අවශ්‍ය කරන තනි පුද්ලයෙකුට හෝ ව්‍යාපාර ආයතනයකට, DFCC‍ බැංකුවේ, 011 2350000 යන ක්‍ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් හෝ ලගම පිහිටි ශාඛාවකට පැමිණ මේ පිළිබද වැඩිදුර විස්තර ලබාගත හැකිය.