2017 ජූනිි 12 : කොළඹදී පසුගිය දා ඇති වු ස්වාභාවික ව්‍යසනයෙන් පීඩාවට පත් ජන ජිවිත නගා සිටුවිම වෙනුවෙන්, DFCC්‍ බැංකුව ''වර්ධන සහනය'' ණය යෝජනා ක‍්‍රමය යළි අරඹා ඇත. 2016 වසරේ ගංවතුරෙන් හා ගින්නෙන් පීඩාවට පත් ජනතාවට සහායවිමේ අරමුණින් හදුන්වා දුන් ''සහනය'' ණය යෝජනා ක‍්‍රමය නැවත වතාවක් ක‍්‍රියාත්මක කිරිමට DFCC‍ බැංකුව කටයුතු කර ඇත්තේ රටේ වත්මන් අර්බුදයට මුහුණ දුන් පවුල්වලට ඉන් මිදීමට අවශ්‍ය සහාය සැලසිමේ සද් අරමුණ පෙරදැරිවය. පුද්ගල,නිවාස,අධ්‍යාපන,ව්‍යාපාරික ණය මේ යටතේ පිරිනමනු ලබයි. කෙටිකාලීන සහනයක් ලබාදීමෙන් ඔබ්බට යමින්, ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයන්ට හා ව්‍යවසායන් හට අඩු වියදම් පුද්ගලික හා ව්‍යපාරික ණය පිරිනමමින් දිගුකාලීන යළි නගා සිටුවිමේ ක‍්‍රියාන්විතයකට අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි බැංකුව මෙහිදි තම අවධානය යොමු කර තිබේ.

ගංවතුරෙන් පීඩාවට පත් තනි පුද්ගල වැටුප් ලබන්නන්හට විනාශයට පත් තම දේපළ යළි ගොඩනගා ගැනීමට මේ යටතේ පුද්ගල ණය පිරිනමන අතර, අහිමි වු පාසල් පොත්පත් සහ අධ්‍යාපනික උපකරණ මිලදි ගැනිම සදහා ද ඔවුනට ණය ලබාගත හැකිය. එසේම විනාශයට පත් වත්කම් හා ක‍්‍රියාකාරි ප‍්‍රාග්ධනය යළි අත්පත් කරගැනුම වෙනුවෙන්, පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන්ද DFCC‍ බැංකුව ණය පිරිනමනු ලබයි.මේ සියඵ ණය පිරිනමනුයේ ඉතා සහනදායි පොළී අනුපාත හා පහසු ගෙවිමේ ක‍්‍රම යටතේ විම විශේෂත්වයකි.

මිට අමතරව, රජය ක‍්‍රියාත්මක කරනු ලබන ස්වශක්ති,ජය ඉසුර,රන් අස්වැන්න,ගොවි නවෝදා,රිවි බල සවි සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක‍්‍රමද සහනදායි පොළි අනුපාත යටතේ DFCC‍ බැංකුව ජනතාව වෙනුවෙන් පිරිනමති.ගංවතුර නිසාවෙන් පීඩාවට පත්ව,මුල්‍ය සහාය අවශ්‍ය කරන තනි පුද්ලයෙකුට හෝ ව්‍යාපාර ආයතනයකට, DFCC‍ බැංකුවේ, 011 2350000 යන ක්‍ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් හෝ ලගම පිහිටි ශාඛාවකට පැමිණ මේ පිළිබද වැඩිදුර විස්තර ලබාගත හැකිය.

ජුනි 05 වනදාට යෙදුනු ලෝක පරිසර දිනය සැමරීමට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් ජුනි මාසයේදී ලබාදෙන හරිත බලශක්ති ණය සඳහා සහන පොලී අනුපාතයක් අයකරන බව නිවේදනය කර තිබේ.

ජාතික පද්ධතියෙන් ලබාගන්නා විදුලිය අඩුකරමින් සූර්ය බලශක්තිය සඳහා මාරුවීම වෙනුවෙන් 2017 ජුනි 30 වනදාට පෙර ණය මුදල් ලබාගන්නා නිවාස හිමියන්ට 14% කින්් ඇරඹෙන විශේෂ පොලී අනුපාතයක් යටතේ අදාළ ණය මුදල ලබාදීමට සූදානම් බවය බැංකුව සඳහන් කරයි.

මෙම ණය යෝජනා ක‍්‍රමය සඳහා අවුරුදු 60 ක් දක්වා වයසැති අයදුම්කරුවන්ට අයදුම්කළ හැකි අතර අවම වශයෙන් සිය රැුකියාවේ අවුරුද්දක කාලයක් ස්ථීරව ඔවුන් සේවය කර තිබිය යුතුය. මීට අමතරව, මේ සඳහා අයදුම් කිරීමට රුපියල් 50,000 ක හෝ එයට වැඩි මාසික වැටුපක් ලැබිය යුතු බවත් බැංකුව පවසයි.

එසේම, වෘත්තීය සංගමයක ලියාපදිංචි වී සිටින ස්වයං රැුකියාවල යෙදී සිටින වෘත්තිකයින්ටද මෙම හරිත ණය යෝජනා ක‍්‍රමය සඳහා අයදුම් කළ හැකි අතර ඒ සඳහා ඔවුන්ට රුපියල් 50,000 ක හෝ එයට වැඩි මාසික වැයකළ හැකි ආදායමක් තිබිය යුතු අතර වයස අවුරුදු 18 ත් 65 අතර විය යුතුය.

මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ සූර්ය බලශක්තිය ලබාගැනීම වෙනුවෙන් වැයවන ආයෝජනයෙන් 75% ක මුදලක් බැංකුව විසින් ලබාදෙයි.

කොමර්ෂල් බැංකුවේ හරිත සංවර්ධන ණය මගින් තම ව්‍යාපාරවල බලශක්ති ඉතිරිකර ගැනීම, බලශක්ති කාර්යක්ෂමතාවය හෝ ප‍්‍රධාන පද්ධතියෙන් බාහිර සූර්ය විදුලිය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යවසායකයින්ට මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ සහන පොලී අනුපාතයන්ට රුපියල් මිලියන 25 ක් දක්වා අවුරුදු හතකින් ගෙවා නිමකිරීම සඳහා ණය ලබාගත හැකිය.

තමන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය දියුණු කර ගැනීම හෝ අපජලය පිරිපහදු කිරීමේ යන්ත‍්‍රාගාරයක් ස්ථාපිත කිරීම, වායු ¥ෂණය පාලනය කිරීමේ පද්ධතියක් ගොඩනැගීම, ඝණ අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණ/පිරිපහදු කිරීමේ යන්ත‍්‍රාගාර පිහිටුවීම හෝ ශබ්ද ¥ෂණ පාලන පද්ධති ගොඩනැගීම තුළින් ජාතික පරිසර ප‍්‍රමිතීන් හා අනුකූලවීමට අවශ්‍ය ආයතන වෙනුවෙන්ද කොමර්ෂල් බැංකුවේ 'හරිත සංවර්ධන ණය' යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබාගත හැකිය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර ශ‍්‍රී ලංකාව පුරා ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 668 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මාන රැුසක් බැංකුව දිනා තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ තමන්ට 55% කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යොවුන් සඟරාවක් වන චොකොලාටේ සඟරාව පොන්ඩ්ස් හා එක්ව සංවිධානය කරන චොකොලාටේ  MDFD තරඟය 8 වෙනි වරටත් 2017 මැයි මස 27 දින රාත්‍රියේ දක්ෂතම මෝස්‌තර නිර්මාණ ශිල්පීන් 14 ක් සමගින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අපක්ෂපාතී විනිසුරු මඩුල්ලක් මධ්‍යයේ පැවැත්විණි.

තම නිර්මාණ වලින් මුළු විනිසුරු මඩුල්ලම නතු කරගත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් කටයුතු කරන 26 හැවිරිදි නිසංසලා දිගල එදින රැයේ සියලුම තරඟ අංශ වල ජයග්‍රාහිකාව විය.

Swinburne තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මහෝෂදී ද සිල්වා එදින අනුශූරතාවය දිනා ගත් අතර ශ්‍රී ලාංකික සම්ප්‍රදායී නැටුම් අංග ඇගේ නිර්මාණ එකතුව සඳහා තේමාව කරගත්හ.

මෙදින තූන්වන ස්ථානය විසි එක් හැවිරිදි රන්චන අබේරත්න විසින් දිනා ගත් අතර ඔහු දැනට ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇඟලුම් ආයතනයෙහි සිය උසස් අධ්‍යාපන කටයුතු කරමින් සිටියි. ඔහුගේ ප්‍රධාන වර්ණ ලෙස කළු සහ රන් පැහැය භාවිතා කර අතර පැරණි ඊජිප්තු වටාපිටාව තේමා කරගෙන තිබුණි.

එසේම මෙදින රැයේ හොඳම නිරූපණ ශිල්පී මව හා දියණිය ලෙස නිලූ සහ සසින්දී සේනානායක දෙපල තේරී පත් විය.

එදින රාත්‍රියේ ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ විනිසුරු මඩුල්ල වෙනුවෙන් යෝලන්ඩ් අලුවිහාරේ, ඔනෙලා ගුණසේකර, මයිකල් විජේසූරිය, සම්මානි පතිරණගම, යසිසුරි කිරිබණ්ඩාර සහ ධනූ ඉන්නසිතම්බි යන දිවයිනේ ප්‍රමුඛතම මෝස්‌තර නිරූපණ ශිල්පීන් සහ මෝස්‌තර නිර්මාණ ශිල්පීන් පෙනී සිටි අතර ඔවුන් ඒ සඳහා ඔවුන්ගේ උපරිම සහය දැක්වීය.

සිංහරාජ මායිමේ පිහිටි දියකොත කන්දේ කොටසක වටිනා පැලෑටි වැවීම සඳහා බැංකුවෙන් වසර තුනක ප‍්‍රතිපාදන

මෙරට ප‍්‍රමුඛතම වැසි වනාන්තරයක නැවත වන වගාව සිදුකිරීමේ ව්‍යාපෘතියක් සඳහා කොමර්ෂල් බැංකුව වනජීවී සහ ස්වභාව ධර්මය සුරැුකීමේ සමාජය (WNPS) සමග අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙයට අදාළ ගිවිසුම ලෝක පරිසර දිනය යෙදුණු ජුනි 05 වනදා දෙපාර්ශවය විසින් අත්සන් කරන ලදී.

ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරයට මායිම් වූ දික්හේන ගම්මානයේ පිහිටි දියකොත කන්දේ 'D' කළාපය යනුවෙන් නම්කර තිබෙන හෙක්ටයාර භාගයක ඉඩමේ නැවත වන වගාව සිදුකිරීම සඳහා අවුරුදු තුනක කාලයක් සඳහා අරමුදල් ලබාදීමට බැංකුව ඉදිරිපත් වී තිබේ.

ශ‍්‍රී ලංකාවට ආවේණික රුක් ප‍්‍රභේද 3500 ක් මෙම ව්‍යාපෘතිය යටතේ වගාකළ යුතුව ඇතැයි කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. ගල් වලින් බහුල මතුපිට සරු පසක්ද නොමැති 'D' කළාපය නැවත වන වගාව සිදු කිරීමේ ආකෘතියක් ලෙස වර්ධනය කෙරෙනු ඇත.

නැවත වන වගාව සිදුකිරීමේ මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් වනජීවී සහ ස්වභාව ධර්මය සුරැුකීමේ සමාජය වෙත නැවත වන වගාව සඳහා ලබාදුන් මෙම බිම්කඩ මෙරට ආවේණික ශාඛ උපරිම අයුරින් අඩු පිරිවැයක් යටතේ වගා කරමින් නැවත වන වගා කිරීමේ තිරසාර ආකෘතියක් ලෙස සංවර්ධනය කිරීමයි.

මෙම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා සහ වනජීවී සහ ස්වභාව ධර්මය සුරැුකීමේ සමාජයේ උප සභාපති රාහුල දිසානායක මහතා අත්සන් තැබීය.

ප‍්‍රජාව වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන මෙම නවතම සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳව දුරෙයිරත්නම් මහතා මෙසේ අදහස් දැක්වීය. 'ස්වභාවික සම්පත් වලින් පොහොසත් රටක්වීමේ වාසනාව අපට ලැබී තිබෙනවා. නමුත්, මෙරට වනාන්තරවල තිබෙන ඉතාමත් වටිනා ගස්වැල් මේ වනවිට විවිධ හේතූන් නිසා වේගයෙන් විනාශයට පත්වෙමින් තිබෙනවා. කැලෑ එළි පෙහෙලි කිරීම නිසා ස්වභාවික විපත් දිනෙන් දිනම වැඩි වෙනවා. සමාජ වගකීම පිළිබඳව දැඩිව සිතන ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව ස්වභාව ධර්මය නැවතත් නගා සිටුවීම සඳහා දායක වන මෙවැනි වැඩසටහන් වෙනුවෙන් සහයෝගය ලබාදෙනවා. සිංහරාජ වනාන්තරය අප රටට ඉතාමත් වැදගත් වනාන්තරයක්. මෙහිදී, අවබෝධ කරගත යුත්තේ වැසි වනාන්තර විනාශ කිරීම පහසු වුවත් ඒවා නැවතත් වගා කිරීම ඉතාමත් අපහසු බවයි.'

1894 වසරේදී ආරම්භ කර තිබෙන ශ‍්‍රී ලංකා වනජීවී සහ ස්වභාව ධර්මය සුරැුකීමේ සමාජයේ 3000 ක පමණ සාමාජික පිරිසක් සිටින අතර එහි අනුග‍්‍රාහකයා වන්නේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයායි. මෙම සමාජය ස්වභාව ධර්මය කෙරෙහි ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී එයට ධනාත්මකව බලපෑමක් සිදුකරන අතර පරිසරය පිළිබඳව අධ්‍යාපනයද ජනතාවට ලබාදෙයි. රජය සහ එහි ආයතන සමග මෙම සමාජයට තිබෙන ශක්තිමත් සබඳතාවය තුළින් වගකීම, තිරසාර සංවර්ධනය මෙම සමාජය විසින් නිරන්තරයෙන් ප‍්‍රවර්ධනය කරයි.

මෙම සමාජය සමග කොමර්ෂල් බැංකුව සිදුකරන මෙම නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතිය බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් කළමනාකරණය කර අධීක්‍ෂණය කරන අතර මෙම භාරය විසින් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සිදුකරයි.

කොමර්ෂල් බැංකුවේ අරමුදල් දායකත්වයෙන් පාරිසරික ක්‍ෂ්ත‍්‍රයේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානයේ කොරල් නැවත වගා කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර සිදුකර තිබේ. මේ අනුව, පිලිපීනයේ සාර්ථක වූ තාක්ෂණික ක‍්‍රම උපයෝගී කර ගනිමින් සමුද්‍රීය උද්‍යානයේ වල්¥ව ප‍්‍රදේශයේ වර්ග අඩි 1000 ක කොටසක කොරල් නැවත වගා කිරීම සඳහා දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී. මෙම ප‍්‍රදේශයේ තිබූ මුල් කොරල් 1998 දී 'එල්නිනෝ' උණුසුම් දියවැල හේතුවෙන් මුහුද උණුසුම් වීම හා 2004 දී සුනාමිය නිසා හානියට පත්විය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර ශ‍්‍රී ලංකාව පුරා ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 668 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මාන රැුසක් බැංකුව දිනා තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ තමන්ට 55% කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

Perodua රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන් වන යුනයිටඩ් මෝටර්ස්හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් සුඛෝපභෝගී Perodua Sedan රථයක් අද හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා මැලේසියානු මහා කොමසාරිස් Wan Zaidi Wan Abdullah, Peroduaහි සභාපති හා ප්‍රධාන අධ්‍යක්‍ෂ මහාචාර්‍ය Datuk Aminar Rashid Salleh සහ Peroduaහි විධායක අධ්‍යක්‍ෂ Takamasa Kurinami යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලේක්සයිඩ් හි කිංස් කෝට් පරිශ්‍රයේදී හඳුන්වාදීම සිදුවුණි.

ශ්‍රී ලංකාවේ Perodua නියෝජනය කිරීමෙහි ලා යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් ආයතනය දශක දෙකක පමණ අතීතයකට උරුමකම් කියයි. එම කාල වකවානුව පුරාවට කෙලිසා, විවා සහ ඇක්සියා යන ඉතා සාර්ථක රථවාහන හඳුන්වා දී ඇති අතර, ලාංකීය වාහන ලෝලීන්ගේ විශ්වාසය දිනාගැනීමටද යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් කටයුතු කර ඇත. මෙය Perodua හි පළමු සෙඩාන් රථය වන අතර මෙතෙක් ධාවනය කර ඇති සියලුම සෙඩාන් රථ වලට වඩා වෙනස් රථයක් බව පැවසිය යුතු බව යුනයිටඩ් මෝටර්ස්හි සමූහ ප්‍රධාන විධායක නිළධාරී / විධායක අධ්‍යක්‍ෂ චානක යටවර මහතා අප හා කල අදහස් දැක්වීමක දී පැවසීය. 

පළමු Bezza රථවාහන යතුර Peroduaහි මහාචාර්‍ය Datuk Aminar Rashid Salleh , Takamasa Kurinami සහ චානක යටවර යන මහත්වරුන් අතින් මහේෂ් මල්ලවාරච්චි ඇසෝසියේට් වෙත ඉතා සාඩම්බරයෙන් පිළිගන්වන ලදී. 

මැලේසියානු සම්භවයක් ඇති “Bezza” නොහොත් “වෙනස්” යන අරුත ඇති මෙම රථය ලොව පුරා වාහන වෙළඳපොලට සැබෑ වෙනසක් වේ. මෙම 1000 cc Bezza රථය 2016 දී වසරේ හොඳම මැලේසියානු මෝටර් රථය,Asean NCAP Grand Prix Award in 2016 සහ හොඳම පවුලේ වාහනය ලෙස Carsifu Editor’s Choice යන සම්මාන ඇතුළු තවත් සම්මාන රාශීයක් දිනා ඇත.

අධිවේගී ස්වයංක්‍රීය පාලන ඉලෙක්ට්‍රොනික් ගියර් පද්ධතිය, ඉන්ධන කාර්යක්‍ෂමතාව සඳහා ඇති වායුගතික හැඩය සහ ඉඩ පහසුව සහිත නිමාව යන මෙම සියලු ගුණාත්මක ලක්ෂණ සමඟ එළිදැක්වෙන Bezza රථය විප්ලවවාදී හඳුන්වා දීමකි. එසේම ලාංකීය මුදලින් රුපියල් මිලියන 3.69 ක් වැනි සිත්ගන්නා මුදලකට මෙය අලෙවි වීමට නියමිතය.

නූතන වාහන හිමියන්ගේ වෙනස් වෙමින් පවතින අවශ්‍යතා අනුව 508Lක ගමන් මලු මැදිරියක්, ද්විත්ව එයාර් බෑග්, ඇතුළු බොහෝ ආරක්‍ෂක විශේෂාංග මෙන්ම අඟල් 14 ඇලෝයි රෝද හා තොරතුරු / මතක දර්ශකයක් ද මෙහි ඇතුලත් වන අතර ආරක්‍ෂාව ශ්‍රේණි ගත කිරීමේදී රේටිං අගය තරු හතරක් ලබා ගෙන ඇත.

වටිනාකම, සේවා සහ විශ්වසනීයත්වය මත නිෂ්පාදනය කරන ලද මෙම වාහනය වසර දෙකක හො කිලෝමීටර් 50,000 ක වගකීමක් සමග රතු, සුදු, රිදී සහ කළු යන වර්ණ වලින්  ශ්‍රී ලංකාව තුළ අලෙවි කෙරෙනු ඇත. එසේම මෙම Bezza රථය කොළඹ, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, මාතර, නුගේගොඩ, බදුල්ල, යාපනය, රත්නපුර ඇතුළු දිවයින පුරා ප්‍රදර්ශනාගාර රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතය. වැඩි විස්තර සඳහා අමතන්න 0773 647143 අමතන්න.

7වන වරට පැවැත්වෙන විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ගේ සම්මාන උළෙල 2017ට සමගාමීව Women in Management සහ ලෝක බැංකු සමූහයේ සාමාජික ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ එකමුතුවෙන් "ලොව වෙනස් කිරීම සඳහා කාන්තා නායකත්වය" යන මැයෙන් පසුගියදා මහනුවරදී කමිටු සාකච්ඡුාවක් සංවිධානය කෙරුණි. මෙහිදී සංස්ථාපිත අංශයේ නායකයන් ලෙස ජයග‍්‍රහණ රැුසක් අත්පත් කරගෙන ඇති මෙන්ම WIM සම්මානලාභී කාන්තාවන් පස් දෙනෙකු විසින් තම සාර්ථකත්වයේ මග විවර කරගත් අයුරු විස්තර කරන ලදී. මෙය කාන්තා වෘත්තිය සම්මාන උළෙල 2017ට සමගාමීව පැවති කුඩා සම්මාන ප‍්‍රදානයක් ලෙස පැවති අතර ඒ හරහා ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක හතක කාන්තා ව්‍යවසායිකාවන් හඳුනාගෙන ඔවුන්ට තම වෘත්තීයමය දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේත් අවස්ථා හඳුනාගමින් පැන නගින ගැටලූ ග‍්‍රහණය කරගන්නා අයුරුත් පැහැදිලි කරන ලදී.

මෙම සාකච්ඡුා වටය කීර්තිමත් කමිටුවකින් සමන්විත වූ අතර ඒ සඳහා හේමාස් ෆාමසූටික්ල්ස්/හේමාස් ලොජිස්ටික්ස් සහ මැරීන්ටයිම් හි කළමනාකාර අධ්‍යක්ෂ කස්තුරි චෙල්ලරාජා විල්සන්, කෝකා-කෝලා හි කළමනාකාර අධ්‍යක්ෂ සෝනු ග්‍රෝවර්, වර්චුසාපොලරීස් හි මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා චන්දි ධර්මරත්න, ජනශක්ති ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන පරිපාලක නිලධාරි දයාලින් අබේගුණවර්ධන සහ ඉන්ෆෝ ටෙක් හි උප සභාපති රම්‍යා වීරකෝන් සහභාගී වූහ. මේ සියලූ දෙනාම මෙරට සංස්ථාපිත අංශයේ කාන්තා නායිකාවන් ලෙස සදා නොමැකෙන ජයග‍්‍රහණ අත්පත් කරගෙන ඇත.

මෙම සුවිශේෂී සාකච්ඡුාවට ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක්ක හතක වෙසෙන නැගී එන කාන්තා ව්‍යවසායිකාවන් 13 දෙනෙකුගේ ජයග‍්‍රහණයන් ඇගයීම සඳහා වන සම්මාන උළෙලින් සංවිධානය විය. ඒ මහනුවර, අනුරාධපුරය, මන්නාරම, වව්නියාව, හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක සඳහායි. මෙය සංවිධානය කිරීමේ අභිප‍්‍රාය වූයේ ශී‍්‍ර ලංකාවේ වෙසෙන දක්ෂ සහ හැකියාවන්ගෙන් පරිපූර්ණ එහෙත් මෙතෙක් කිසිදු ලෙස කිසිවෙකුගේ අවධානය යොමු නොවූ දේශීය සහ ජාත්‍යන්තර ලෙස සාර්ථකත්වය ලබාගත හැකි කාන්තාවන් වෙත අවධානය යොමු කිරීමයි.

Women in Management හි නිර්මාතෘ සහ සභාපතිනි සුලෝචනා සිගේරා මහත්මිය අදහස් ප‍්‍රකාශ කරමින් "ඉදිරියේදී පැවැත්වෙන විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ගේ සම්මාන උළෙල 2017 යනු Women in Management සහ IFCඑකමුතුවෙන් ශී‍්‍ර ලාංකේය කාන්තා ප‍්‍රජාව අතරින් සාර්ථකත්වයට පත් අයගේ සාර්ථකත්වයේ කතාව උත්කර්ෂයට නගන මොහොතයි. අපගේ කමිටු සාමාජිකාවන් අතරින් දෙදෙනෙක් ඔවුන්ගේ දක්ෂතාවය නිසා කීර්තිය දිනාගත් අය වන අතර ඊට අමතරව පෙර පැවති වෘත්තිය සහ කාන්තා උළෙලයන්හි දී සම්මාන හිමිකරගත් අයයිx ඒ හරහා සම්බන්ධ වන අයට ඔවුන්ගේ අදහස් සෘජුවම ලබා දෙන්නට හැකිවන අතර හොඳ පෞරුෂයන් සහිත කාන්තාවන් වීමට ඔවුන්ගේ ඇත්දැකීම් ඉවහල් වනු ඇතැයි" ප‍්‍රකාශකර සිටියාය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප‍්‍රාදේශීය සභා සාමාජිකයන්, කාන්තා ව්‍යවසායකයන්, අදාල දිස්ත‍්‍රික්කයන්හි දිස්ත‍්‍රික් ලේකම්වරු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ද සහභාගී වූහ.

Tuesday, 6th June 2017 – COLOMBO සිය පාරිභෝගිකයින්ට සලසන බැංකු සේවා තවත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකරදීමේ අරමුණින් සම්පත් බැංකුවේ පිටකෝට්ටේ ශාඛාව, නව නිවහනට පසුගියදා පිවිසුනි.

මීට ඉහතදී පිටකෝට්ටේල කෝට්ටේ පාරේල අංකග 463ල දරන ස්ථානයේ පිහිටි සම්පත් බැංකු පිටකෝට්ටේ ශාබාව දැන් අංකග 128ල පාගොඩ පාරල පිටකෝට්ටේ යන නව ස්ථානයේ ඔබ වෙනුවෙන් සුපුරුදු සේවා තවත් පහසුවෙන් ඉටුකරදීමට සූදානමින් සිටියි. වඩාත් ඉඩ පහසුකම් සහ අති නවීනතම බැංකු සේවා සපිරි සිය නව නිවහනට පැමිණ බැංකුකරණයේ නව්‍ය අත්දැකීම් අත්විඳින ලෙස පිටකෝට්ටේ සම්පත් බැංකු ශාඛාව සිය ගනුදෙනුකාර භවතුන්ට ඇරයුම් කර සිටී.

කොමර්ෂල් බැංකුවේ ලීසිං පහසුකම් මත යුනයිටඞ් මෝටර්ස් සමාගමෙන් ට‍්‍රක් රථ සහ බස් රථ මිලදී ගන්නා ව්‍යාපාරික ආයතන වලට හෝ පුද්ගලයින්ට ආකර්ශණීය ප‍්‍රතිලාභ රැුසක් ලබාදීමට කටයුතු කරන බව බැංකුව පවසයි.

මෙය මෙම සමාගම් දෙක විසින් එක්ව සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහනක් වන අතර මෙහිදී කොමර්ෂල් බැංකුව විසින් මෙම ලීසිං පහසුකම ලබාදෙන්නේ අඩු පොලී අනුපාතයකටයි. මීට අමතරව, යුනයිටඞ් මෝටර්ස් සමාගම විසින් ලංකාවේ අලෙවි කරන Fuso ට‍්‍රක් රථ සහ බස් රථ සඳහා රුපියල් 100,000 ක් දක්වා වට්ටමක් සහ සේවා වාර තුනක් නොමිලේ ලබාගැනීමේ අවස්ථාවද මෙහිදී මෙම වාහන මිලදී ගන්නන් වෙත ලබාදී තිබේ.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2017 ජූලි 31 වනදා දක්වා පැවැත්වෙන අතර දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා වලින් මෙම ලීසිං පහසුකම ලබාගත හැකිය. මෙහිදී, මිලදී ගන්නා වාහන සඳහා කිලෝ මීටර් 100,000 ක හෝ වසරක වගකීම යුනයිටඞ් මෝටර්ස් වෙතින් හිමිවේ.

මෙහිදී, අවුරුදු පහක ලීසිං පහසුකම් යටතේ සෑම රුපියල් 100,000 ක් සඳහාම ගෙවිය යුතු වන්නේ රුපියල් 2337.16 ක තරම් අඩු වාරික මුදලකි. බැංකුව සඳහන් කරන්නේ අවුරුදු තුනේ සහ හතරේ කල්බදු පහසුකම් සඳහාද ප‍්‍රකාශිත ලීසිං වාරික අඩුකිරීමට බැංකුව කටයුතු කරන බවයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ඉල්ලූම් කරන ලීසිං පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද බැංකුව තව දුරටත් පවසයි.

'මේ ආකාරයේ ප‍්‍රවර්ධන වැඩසටහනක් තුළින් තම වාහන ඇණිය පුළුල් කිරීමට හෝ පරණ වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන සුළු හා මධ්‍යම පරිමාණ මෙන්ම මහා පරිමාණ ව්‍යාපාර වලට සහනයක් ලැබෙනවා. එසේම, මේ තුළින් වෙළඳපොළත් දිරිමත් වෙනවාල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. 'කොමර්ෂල් බැංකුව මීට ඉහතදීද ඉතාමත් සාර්ථකව මෙවැනි ලීසිං පහසුකම් ප‍්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් යුනයිටඞ් මෝටර්ස් සමග අත්වැල් බැඳගෙන තිබෙනවා. මෙම නවතම ඒකාබද්ධතාවය තුළින් අපි ඉහළ ප‍්‍රතිඵල බලාපොරොත්තු වෙනවා.'

මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට යුනයිටඞ් මෝටර්ස් අලෙවි කරන සැහැල්ලූ, මධ්‍යම සහ බර ට‍්‍රක්රථ, කෘ කැබ්ස්, ටිපර් රථ සහ රෝසා බස් රථ අයත් වන අතර කොමර්ෂල් බැංකුව විසින් දැනට සිටින සහ අළුත් ගනුදෙනු කරුවන් යන සියළුම දෙනා වෙත අඩුමිල ලීසිං වාරික ලබාදීමට කටයුතු කරනු ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 668 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබෙන අතර ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

ශ‍්‍රී ලංකාවේ පැරණිතම මෝටර් රථ සමාගමක් වන යුනයිටඞ් මෝටර්ස් සමූහය (UML) බිස්නස් ටුඬේ සඟරාව විසින් මෙරට ප‍්‍රමුඛතම සමාගම් 25 අතරට ඇතුළත් කර තිබේ. එසේම, LMD සඟරාව විසින් මෙරට වඩාත්ම ගෞරවණීය සමාගම් 100 අතරටද යුනයිටඞ් මෝටර්ස් සමූහය (UML) ඇතුළත් කර ඇත. ලෝකයේ සුප‍්‍රසිද්ධ වාහන සන්නාම වන Mitsubishi, Fuso, MG, Perodua, Zotye, JMC, Brilliance, DFSK සහ TVS යතුරු පැදි මෙරට අලෙවියේ බලයලත් සමාගම ලෙස කටයුතු කරන්නේ යුනයිටඞ් මෝටර්ස් සමූහයයි .

Page 1 of 124