Huawei GR5 2017 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. Featured

Published in විදුලිසංදේශ
තාක්ෂණය අතින් වැඩිදියුණු කරන ලද මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනයක් කලාපීය වශයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිංගර් ශ්‍රී ලංකා හා එක්ව නවතම Huawei GR5 2017 ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති Singer Lifestyle Exhibition 2016 හිදී මෙම නවතම ස්මාර්ට්ෆෝනය හඳුන්වා දීම සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග් , Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රීලංකා සමාන්‍යාධිකාරි කල්ප පෙරේරා, සිංගර් ශ්‍රීලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පිරීස් සහ සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ සහ සිංගර් ශ්‍රී ලංකා හි Huawei සන්නාම කළමණාකරු සහන් පෙරේරා යන මහත්වරු එක්ව සිටියහ. Huawei GR5 2017අග්නිදිග ආසියානු වෙළඳ පළට මුල් වරට හඳුන්වා දුන් අවස්ථාව මෙයයි.

Huawei G කාණ්ඩයේ නවතම ස්මාර්ට්ෆෝනය වන GR5 2017 ස්මාර්ට්ෆෝනය තාක්ෂණික විශේෂතා රැසක් සමඟින් හැඩකාර පෙනුමකින් යුක්තව නිපදවා තිබේ. ද්විත්ව කැමරා පහසුකම් වලින් සහ නවීනතම ඇඟිලි සලකුණු තාක්ෂණයෙන් යුක්ත මෙම Huawei GR5 2017 ස්මාර්ට්ෆෝනය ගෙවන මුදලට වැඩි පහසුකම් සහ නවීන තාක්ෂණික විශේෂතා රැසක් සහිතව නිපදවා තිබේ.

Huawei හි ජාතික බෙදාහරින්නා වශයෙන් මෙම නවතම Huawei GR5 2017 ස්මාර්ට්ෆෝනය දිවයින පුරා පාරිභෝගිකයින් වෙත කඩිනමින් සැපයීමට කටයතු කරන බව මෙම අවස්ථාවට එක්වූ සිංගර් ශ්‍රීලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේය.

Huawei සමාර්ට්ෆෝන් ශ්‍රි ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා මෙම අවස්ථාව අමතමින් සඳහන් කළේ, මෙම ස්මාර්ට්ෆෝනය නවීනතම විවිධාකාර තාක්ෂණික නවීනතා රැසක හඳුන්වා දීමක් බවයි. අසමසම මිලක් යටතේ තත්වයෙන් උසස් භාවිතයට පහසු ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයා අතට පත්කිරීමේ Huawei හි ස්ථාවරය මෙවැනි නිෂ්පාදන හඳුන්වාදීම තුළින් මැනවින් පෙන්නුම් කෙරෙන බව ද හෙතෙම කීය. Huawei GR5 2017 ස්මාර්ට්ෆෝනය කලාපීය වශයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී නිකුත් කිරීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවද හෙන්රි ලියු මහතා මෙහිදී පැවසීය. ද්විත්ව කැමරා පහසුකම් සහ ඇඟිලි සලකුණු තාක්ෂණය වැනි ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝනයක අන්තර්ගත විශේෂතා රැසක් සමඟින් එන මෙම නවතම Huawei GR5 2017 ස්මාර්ට්ෆෝනය පාරිභෝගිකයා වෙත වරප්‍රසාද රැසක් පිරිනමන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් කීය.

12MP සහ 2MP වශයෙන් පසුපස කැමරා දෙකක් සහිත මෙම ස්මාර්ට්ෆෝනය 3G RAM එකකින් සහ 3340mAh බැටරියකින් යුක්ත වෙයි. 5.5-inch FHD ප්‍රමාණයෙන් යුත් මෙම ස්මාර්ට්ෆෝනය ලෝහමය විලාසිතාවකින් යුත් වක්‍රාකාර නිමාවකින් යුක්ත වෙයි. මෙහි ඇති 1.25um large pixel විශේෂතාව නිසා රාත්‍රියේදී වුව වඩා සුපැහැදිලි ඡායාරූප ගැනීමේ හැකියාව සහිත වෙයි.

වඩා පහසුවෙන් හැසිරවිය හැකි තුන්වන පරපුරේ ඇඟිලි සළකුණු සෙන්සරයක් සහිතව Huawei GR5 2017 ස්මාර්ට්ෆෝනය නිපදවා තිබේ. ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයා මීට පෙර මුරපදයක් යොදා සිය ස්මාර්ට්ෆෝනයේ අන්තර්ගත තොරතුරු වල ආරක්ෂාව තහවුරු කරගත් අතර නවීන තාක්ෂණය අනුව මුරපදය වෙනුවට ඇඟිලි සළකුණ යොදා ස්මාර්ට්ෆෝනය ක්‍රියාත්මක කරවීමේ වඩා ආරක්ෂාකාරී පහසුකම මේ වනවිට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.

Huawei GR5 2017 රන්වන්, රිදී පැහැ සහ අළු යන පැහැයන්ගෙන් වෙළඳ පළට හඳුන්වා දී ඇති අතර රුපියල් 35900 ක මුදලකට මෙරට වෙළඳ පළෙහි අලෙවි කෙරේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රීලංකා දිවයින පුරා විහිදුනු සිය ශාඛා ජාලය ඔස්සේ මෙම ස්මාර්ට්ෆෝනය අලෙවි කරයි. සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් මෙන්ම 400 කට අධික අලෙවි සැල් ජාලය මෙන්ම සිංගර් හි ඩිජිටල් මාධ්‍ය අලෙවි සැල් සහ 1500 කට අධික නියෝජිත අලෙවිසැල් ජාලය හරහා මෙම ස්මාර්ට්ෆෝනය දිවයින පුරා අලෙවි කෙරෙයි.