Bell4G සමග ලංකාබෙල්, වාර්තාගත කාලයක් තුල ගෘහස්ථ හා ව්‍යපාරික සබඳතා 35000ක කඩඉම පසු කරයි.

Published in විදුලිසංදේශ

ශ්‍රී ලංකාවේ පඹ්මුඛතම දුරකථන ක්‍රියාකාරී සමාගම වන ලංකා බෙල් තවත් සාර්ථක කඩඉමක් පසු කරමින් Bell4G වෙළඳ නාමය යටතේ ගෘහස්ථ හා ව්‍යාපාරික 4G LTE අන්තර්ජාල සම්බන්ධතා 35,000 ක් ලබා දීම සනිටුහන් කළේය. Bell4G කෙටි කාලයක් තුලදී තම පාරිභෝගිකයන් 15000 සිට 35000 ක ප්‍රමාණයක් දක්වා වර්ධනය කර ගෙන ඇත.

"ලංකා බෙල් 4G සේවාවේ ඇති වේගය, විශ්වාසනීයත්වය, නිරන්තර සබඳතාවය හා ගෙවන මුදලට සරිලන සේවාව ලබා දෙන බැවින් මේ වන විට දිවයිනේ ඉහළම ඉල්ලූමක් ඇති අන්තර්ජාල සේවා සැපයුම්කරු වීමට ලංකා බෙල් 4G සේවාවට හැකි වී තිබෙනවා" යැයි ලංකා බෙල් සමාගමේ කළමණාකාර අධමික්ෂක ආචාර්ය පඹ්සාද් සමරසිංහ මහතා පවසා සිටියේය.

ලංකා බෙල් මෙම කඩයිම ප‍්‍රකාශයට පත් කලේ පසුගියදා පැවතී ART TV CEO ෆෝරමයේදී වූ අතර මේ සඳහා ආචාර්ය ප‍්‍රසාද් සමරසිංහ මහතා සමග ආරාධිත දේශණය සඳහා පැමිණ සිටියේ ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි.

ලංකා බෙල් 4G හි බහු කිඹ්යාකාරී ස්ටාර්ටර්, ෆැමිලි යන සිත් ඇදගන්නා සුළු අන්තර්ජාල පැකේජයන් හි ඇති කාර්යබහුල නොවන වේලාවන් සඳහා ලබා දී ඇති අමතර කාල වේලාව හා වෙළඳපොලේ ඇති අවම අන්තර්ජාල ගාස්තු නිසා බෙල් 4G අන්තර්ජාල සබඳතාවය යනු පාරිභෝගිකයාට ඇති හොඳම විකල්පය වේ. එලෙසම ලංකා බෙල් 4Gසේවාව යටතේ පාරිභෝහිකයා පැකේජයක් ගෙන අවුරුද්දක් පිරුන පසුව එළඹෙන මස සිට අවුරුද්දක් යනතුරු අමතර ගිගා බයිට් 5 ක් (5GB) නොමිලේ ලබා දෙන අතර ඉන්පසු එළඹෙන සෑම වසරකටම අමතර ගිගා බයිට් 2 ක (2GB) පඹ්මාණයක් නොමිලේ එකතු වන ඇත. එනම්, වසර 4ක් අවසානයේ දී පාරිභෝගිකයා හට අමතර ගිගා බයිට් 11ක් (11GB) නොමිලේ ලැබී ඇත.

2014 වසරේ පෙබරවාරි මස ලංකා බෙල් 4G සේවාව තම ආරම්භය සනිටුහන් කලේ ගිගා හර්ට්ස් 2.3 ක තරංග වලින් යුත් කළාප 40 ක LTE මෙහෙයුම් කිඹ්යාවලියකට සුදුසු ආවරණ පද්ධතියක් සමගිනි. මෙය බෙල් 4G ග්‍රාහකයන් හට වේගවත් උඩුගත හා බාගත අත්දැකීමක් ලබා දෙනවා මෙන්ම අමතර වාසි රැසක්ද ලබා දෙයි.

කොළඹදී ඇරඹි ලංකා බෙල් 4G මෙහෙයුම් ක්‍රියාවලිය තම පුළුල් ආවරණය හා පාරිභෝගිකයා මුලීක කර ගත් සේවා සපයන්නෙකු ලෙස අත්කරගෙන ඇති ආයතනයේ කීර්තිනාමය හේතුවෙන් මේ වන විට ප්‍රධාන නගර හා තදාසන්න ප්‍ර්දේශයන් හි වේගවත් ලෙස පැතිර ගොස් ඇත.

ලංකා බෙල් හි නව නිපැයුම් හා පර්යේෂණ කටයුතු සඳහා වූ කැපවීම කෙටි කාලයක් තුල අපගේ ඉලක්ක සපුරා ගැනීමේ අනුපාතය සීගඹ් ලෙස ඉහළ යෑමට හේතු වෙලා තිබෙනවා. 3G තාක්ෂණය මෙන් 5 ගුණයක් වේගවත් තම නවීන තාක්ෂණය සමග වෙළඳපොළට ආ බෙල් 4G, අද වන විට වෙළඳපොලේ ඇති අංක 1 කේ තේරීම බවට පත් වී තිබෙනවා " යැයි ආචාර්ය ප‍්‍රසාද් සමරසිංහ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේය.

වේගයෙන් වර්ධනය වන ආවරණ පද්ධතිය, නමමිශීලී බව හා ස්මාර්ට් උපාංග 20 කට වැඩි සංඛාවක් සඳහා වන සමගාමී පඹ්වේශතා සමග බෙල් 4G නිවාස හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහා සුදුසුම විකල්පය වේ.

ලංකා බෙල් හි අනෙත් පඹ්ධානම ඉදිරිපත් කිරීම වන බෙල් ව්‍යවසාය විසඳුම් තාක්ෂණය (Bell Enterprise Solutions Technology), හඬ (voice), පෙළ (text), දත්ත (data) හා අන්තර්ජාල දත්ත මධ්‍යස්ථාන (IDC) සමග ව්‍යවසාය විසඳුම් ලබා දෙන විශේෂඥ සේවාවකි. මෙය නේවාසික, කුඩා පරිමාණ ව්‍යාපාරයන්ට හා ආයතන අංශයන් යන විවිධ වූ පරිශීලකයන්ට ගැළපෙන සේවාවක් වේ.

1997 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලීය විශාලතම තනි සමාගමක් ලෙස ආරම්භ කල ලංකා බෙල්, එහි ආරම්භයේ සිටම විදුලි සංදේශ කර්මාන්තය තුල් ප‍්‍රශංසනීය් ප‍්‍ර්ගතියක් අත්කරගෙන ඇත. ඔවුන් නව සොයා ගැනීම් කෙරෙහි ඇති උනන්දුව හා විශ්වාසය නිසා විදුලි සංදේශ කර්මාන්තයේ විශාල පෙරළියක් ඇති කරමින්් ප‍්‍ර්ථම ක්‍ෘඵ් තාක්ෂණික විසඳුම් සේවාව හඳුන්වා දීමට ඔවුනට හැකි විය. මෙය ශ්‍රී ලාංකීය ජනතාව හට අන්තර්ජාලය හරහා ගෝලීය ප්වණතාවයන් වෙත පිය නැගීමට සලසා දුන් මහඟු අවස්ථාවකි.

මීට අමතරව ලංකා බෙල් දිවයින පුරා විහිදී සිටින තම පාරිභෝගිකයන් හට විස්මිත පරාසයන්ගෙන් යුත් අධිවේගී බො බෑන්ඞ් හා හඬ සේවා අසමසම මිලකට සපයා දෙයි.

එමෙන්ම ත්‍ඛ්ඨ සබ්මැරීන කේබල් ජාලයේ ශ්‍රී ලාංකීය නියෝජිතයා වනුයේද ලංකා බෙල් සමාගමයි. රටක් ලෙස ශ'ඹ් ලංකාව ජාත්‍යන්තර සබඳතාවන්හි විවිධත්වය අත්දැකීම සඳහා රුපියල් බිලියන 3 ක ආයෝජනයකින් තමන්ටම අයත් කේබල් පද්ධතියක් ලංකා බෙල් විසින් ස්ථානගත කර තිබේ.

පුළුල් පිරිවැයකින් යුත් පඹ්චාරණ කටයුතු හා විශිෂ්ඨත්වයෙන් යුත් වේගවත් විසඳුම් හා පඹ්ශස්ත පැකේජයන් හදුන්වා දෙමින් ලංකා බෙල්, තම අති නවීන තාක්ෂණය සමග අසමසම සේවා සැපයීම තුළින් ක්ෂේතය තුළ තම සාර්ථකත්වය රඳවා තබා ගැනීම සිදු කරයි.