E-tel විසින් මෙරටට හඳුන්වා දුන් සුපිරිතම ස්මාර්ට් ජංගම දුරකතනය "ICE" නමින් එළදකී Featured

Published in විදුලිසංදේශ

ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන පාරිභෝගිකයින්ගේ පුළුල් වන අවශ්‍යතා තව තවත් සපුරාලමින් E-tel සමාගම විසින් මෙතෙක් හඳුන්වා දුන් ඉහළම පහසුකම් සහිත වඩාත් ආකර්ශණීයම ස්මාර්ට් ජංගම දුරකතනය මෙරට වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

"ICE" (Innovative Communication Entertainment) යනුවෙන් නම්කර තිබෙන E-tel O2 ස්මාර්ට් ජංගම දුරකතනය අති නවීන පහසුකම් වලින් සමන්විත වේ. E-tel සන්නාමයේ විශිෂ්ඨ සාර්ථකත්වයට හේතුවූ ගුණාංග වන සිත් ඇද ගන්නා හුරුබුහුටි පෙනුම, ඉතාමත් ඉහළ කාර්යක්ෂමතාවය සහ අසමසම තරඟකාරී මිල මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය තුළින් තව දුරටත් වර්ධනය කර තිබේග

E-tel විසින් හඳුන්වා දී තිබෙන නවතම 4G සමාර්ට් ජංගම දුරකතනය වන මෙම O2 දුරකතනය අධිවේගී සහ බහු කාර්ය පහසුකම් වලින් යුක්ත Octa-core 1.3GHz ARM Cortex-A53 64bit ප්‍රොසෙසරයකින් සමන්විත වන අතර ඒ සඳහා 32GB අභ්‍යන්තර මතකයකින් (ROM) සහ 3GB RAM සහාය ලබාදී ඇත. මෙම දුරකතනය සඳහා සවිබලය ලැබී තිබෙන්නේ Android OS, v6.0 (Marshmallow) මෙහෙයුම් පද්ධතිය මඟිනි.

මෙම ස්මාර්ට් ජංගම දුරකතනය අඟල් 5.5 ක සම්පූර්ණයෙන්ම ස්පර්ශක (Full touch) 2.5 D කවාකාර HD තිරයකින් සමන්විත වන අතර Fingerprint Sensor, Smart Remote Control iy Virtual Reality යන පහසුකම් වලින් සමන්විත වේ.

ෆ්ලෑෂරයක් සහිත ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතු 13MP PDAF පසුපස කැමරාවත් වඩාත් පුළුල් ඉඩකඩක් ඡුායාරූපයට නැගිය හැකි 8MP ඉදිරිපස කැමරාවත් මඟින් ඉතාමත් තියුණු සේයාරු සහ සෙල්ෆි ඡුායාරූප ලබාගත හැකිය. එසේම, ගුණාත්මක තත්ත්වය අතින් ඉතාමත් ඉහළ වීඩියෝ දුරකතන ඇමතුම් ලබාගැනීමේ හැකියාවද මෙමඟින් ලැබී ඇත.

මෙහි බාහිර මතකය (external memory slot& 128 GB) ක් දක්වා ඉහළ නැංවීමේ හැකියාව තිබේ. එසේම, Wi-Fi සහ Wi-Fi Hotspot සක‍්‍රීය E-tel O2 ස්මාර්ට් ජංගම දුරකතනය GPS, AGPS, Accelerometer, Proximity, Light, Magnetic, Fingerprint, Infrared සහ Gyroscope සෙන්සර් (Sensor) පහසුකම් වලින්ද සමන්විත වේ. E-tel O2 දුරකතනයේ තිබෙන Infrared සෙන්සරය නිසා දුරකථනය ස්මාර්ට් රිමෝර්ට් කන්ට්‍රෝල් එකක් ලෙස භාවිතා කළ හැකි අතර Gyroscope සෙන්සරය නිසා Virtual Reality ක‍්‍රීඩා සහ වීඩියෝ වඩා තාත්වික අත්දැකීමක් සමඟින් භාවිතා කළ හැකිය.

3000mah ධාරිතාවයකින් යුතු ගැලවිය නොහැකි දුරකතනයේ බැටරිය සහ ලෝහමය නිමැවුම ඉහළ ගණයේ ස්මාර්ට් ජංගම දුරකතනවල මෙන්ම සිහින්ල හුරුබුහුටිල වඩා ආකර්ශණීය පෙනුමක් මෙම නව දුරකතනයට ලබා දී ඇත.

මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ අංගෝපාංගයන් ඇගයීමට ලක්කරමින් "ICE" (Innovative Communication Entertainment) නැමති නම ලබාදී තිබෙන්නේ මෙහි තිබෙන නව්‍ය ස්වරූපය විදහා දැක්වීම සඳහායි. 'දේශීය තත්වයන් අවබෝධ කරගනිමින් නවතම අංගෝපාංග වලින් සහ ප්‍රොසෙසර වලින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන මෙරටට හඳුන්වාදීමේ බ‍්‍රෑන්ටෙල් සමාගමේ න්‍යාය සඳහා E-tel O2 ස්මාර්ට් ජංගම දුරකතනය හොඳ උදාහරණයක්ල' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් E-tel සන්නාමයේ හිමිකාරීත්වය දරණ බ‍්‍රෑන්ටෙල් ලංකා ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමේ මෙහෙයුම් සහ වෙළඳ අංශයේ සමූහ ප‍්‍රධානී, ප‍්‍රියන්ත වික‍්‍රමනායක මහතා සඳහන් කළේය. 'අප විසින් ලංකාවට පළමු Octa Core ස්මාර්ට් ජංගම දුරකතනය හඳුන්වාදුන් දා පටන් ඒ ඒ පාරිභෝගික කණ්ඩායම් වලට හරියටම ගැළපෙන විවිධ පහසුකම් සහ අංගෝපාංග වලින් සමන්විත උසස් දුරකතන හඳුන්වා දීමට අප සමත්වී තිබෙනවාල' යනුවෙන්ද එ් මහතා තවදුරටත් සඳහන් කළේය.

රුපියල් 29,900 ක් වන E-tel O2 ස්මාර්ට් ජංගම දුරකතනය www.brantelonline.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයෙන් මිලදීගැනීමේදී විශේෂ වට්ටමක් හිමිවන අතර එහිදී දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙන්වාගත හැකිබව බවත් සමාගම සඳහන් කරයි. මෙම දුරකතනය පිළිබඳව වැඩිදුර තොරතුරු 0112024666 යන අංකය ඔස්සේ සමාගමේ පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ www.brantel.lk වෙබ් අඩවියට හෝ සමාගමේ Facebook පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

බ‍්‍රෑන්ටෙල් සමාගම 2004 වසරේ සිට ලංකාව තුළ මෙහෙයුම් කටයුතු කරන අතර E-tel සන්නාමය එළිදක්වනු ලැබුවේ 2007 වසරේදීයි. E-tel ජංගම දුරකතන දිවයින පුරා පැතිරුණු අලෙවිසැල් 2000 කින් මිලදී ගත හැකි අතර අලෙවියෙන් පසු සේවා සඳහා බ‍්‍රෑන්ටෙල් සමාගමට අයත් මධ්‍යස්ථාන පහක් පිහිටුවා ඇත.

මෙම සේවා මධ්‍යස්ථාන කොළඹ, අනුරාධපුරය, මහනුවර, මාතර, සහ යාපනය යන නගරවල පිහිටා තිබේ.